Tuesday, November 10, 2026
HomeNEWSරිය අනතුරකින් පාදයක් අහිමි වූ සඳරු ඩිල්ෂාන් සිසුවාට අග්‍රාමාත්‍ය ආර්යාවගේ සුරතින් කෘතිම...

රිය අනතුරකින් පාදයක් අහිමි වූ සඳරු ඩිල්ෂාන් සිසුවාට අග්‍රාමාත්‍ය ආර්යාවගේ සුරතින් කෘතිම පාදයක් 

රිය අනතුරකින් දකුණු පාදය අහිමි බුත්තල කටුගහගල්ගේගම කණිෂ්ඨ විද්‍යාලයේ 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සඳරු ඩිල්ෂාන් සිසුවාට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ සුරතින් ඊයේ (31) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී කෘතීම පාදයක් පිරිනැමිණි.

කෘතිම පාදයක් මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට තමන් පාසල්  කාලයෙන් පසු මිරිස් වගා කළ බවත්, කටුගහගල්ගේගම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.එස්.එස්. දිසානායක මහතා මේ බව දැනගෙන අග්‍රාමාත්‍ය ආර්යාව දැනුවත් කිරීමෙන් අනතුරුව අද දින තමන්ට කෘතීම පාදයක් ලැබුණු බවත්  සඳරු ඩිල්ෂාන් සිසුවා සිය සතුට පල කරමින් කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සඳරු ඩිල්ෂාන් සිසුවාගේ සුව දුක් විමසමින් ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img