අයවැයෙන් වැඩ ලක්ෂයක් ජාතික වැඩසටහනට සමගාමීව පැවැති ගම්පහ දිස්ත්‍රික් උත්සවය මිනුවන්ගොඩ විතානමුල්ලේදී අද (03) පැවැත්විණ. මේ යටතේ නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල තැබීම සිදුකෙරිණ. මාබොදල , මාබොදල නැගෙනහිර, මාබොදල දකුණ, මාබොදල බටහිර, ඉහළ විතානමුල්ල, පහල විතානමුල්ල යන ග්‍රාම සේවා වසම් 06 ආවරණය වන පරිදි මෙම නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානය ඉදිකෙරෙන අතර එහි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1500කි. අඩි 100ක් දිග අඩි 40ක් පළල මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට වැයවන මුදල රුපියල් ලක්ෂ 65කි. පලමු අදියර යටතේ ලක්ෂ 41ක් මේ සඳහා වෙන්කර තිබේ.
මුල්ගල් තැබීමෙන් අනතුරුව ප්‍රදේශයේ පවුල් අතර දොඩම් පැල 100ක් බෙදාදීමත් ස්වයං රැකියා උපකරණ බෙදා දීමත් සිදුවිය. උත්සවය පැවැත්වූයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.






















