Tuesday, November 10, 2026
HomeNEWSගරු අග්‍රාමාත්‍යතුමාගේ නිදහස් දින පණිවුඩය

ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිදහස් දින පණිවුඩය

ශ්‍රී ලාංකිකයන් අභිමානයෙන් සමරනු ලබන 74 වැනි ජාතික නිදහස් දිනය උදා වී තිබේ.
ඉතිහාසය පුරාම නිදහස දිනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වන අපි සැම විවිධ කැපකිරීම් කළෙමු.
අධිරාජ්‍ය පාලනයෙන් නිදහස දිනා ගැනීම උදෙසා කළ එවන් අරගල යුද ශක්තියෙන් ද දේශපාලන
ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද ක්‍රියාත්මක විය.
ලේ බිඳක්වත් නොහෙලා යටත් විජිත නිදහස උදාකර ගැනීම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සෑම
නායකයෙකුම ජාති ආගම් හා පක්ෂ පාට භේද තොරව එදා එකාවන්ව සටන් කිරීමේ ප්‍රතිඵලයකි.
74 වසරකට පෙර ලැබූ එම නිදහසේ සැබෑ ආශ්වාදය අභ්‍යන්තර අරගල සහ දශක තුනක ත්‍රස්තවාදී
යුද්ධය නිසා මෙරට ජනතාවට අහිමි විය. විරෝධාර රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීමට
නායකත්වය දෙමින් මීට වසර 13කට පෙර යුද්ධය නිමා කොට ජනතාවට බියෙන් සැකෙන් තොර රටක්
නැවත උරුම කර දීමට අපිට හැකිවිය.
 අප උදා කළ ඒ නිදහස නැවත අභියෝගයට ලක්වෙමින් තිබියදී රටේ පාලනය නැවත භාරගනිමින් රටේ
ආරක්ෂාව තහවුරු කළ අපි ලෝක වසංගත තත්ත්වය හමුවේ බිඳ වැටුණු මිනිස් ජීවිත සහ ආර්ථිකය නගා
සිටුවීමේ දැවැන්ත අරමුණ ජයගැනීමට පෙළ ගැසී සිටිමු.
මෙම පීඩාකාරී වසංගත තත්ත්වයෙන් ජීවිත නිදහස් කොට ආරක්ෂා කිරීමේ රජයේ එන්නත්කරණ
වැඩපිළිවෙල මේ වනවිට ලෝක මට්ටමේ ඇගයීමට ලක්වීම අපි සියලු දෙනා රටක් ලෙස ලැබූ
ජයග්‍රහණයකි.
 දැන් එළැඹ ඇත්තේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලයකි. එකිනෙකාට ගරු කරන අනෙකාගේ
පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්තනයක් තුළින් අපට නිදහසේ අරුත තවත් පුළුල් කර ගත
හැකි බව මාගේ විශ්වාසයයි.
ජාතික නිදහස් දිනය සමරන අද දිනයේ අපගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය
වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා අපරිමිත කැපවීම් කළ දෑ හිත කාමී සියලු විරුවන් ගෞරවයෙන්
සිහිපත් කරන අතර අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක උදාව වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක්
නිර්මාණය කිරීමට අපි එක්ව නිදහස අර්ථ ගන්වමු.‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img