Wednesday, November 11, 2026
HomeNEWSතවත් ගුරුවරු පිරිසකට රු 5000 දීමනාව

තවත් ගුරුවරු පිරිසකට රු 5000 දීමනාව

පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් ට සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද රු 5,000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ගුරු – විදුලහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 (IV)හි විධිවිධාන ඉහත සඳහන් ගුරුවරු සඳහා ද අදාළ වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

“ගුරු – විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන්, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණය ඇතුළේ, මෙතෙක් පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් ඒ වගේම උපකෘත පාසල් විශේෂ පාසල් ගුරුවරු සඳහා අදාළ රු 5,000 විශේෂ දීමනාව නිකුත් වෙලා තිබුණේ නෑ. ඊයේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. ඉතාම පැහැදිලිව එම තීරණය ගෙන තිබුණා. නමුත් යම් යම් දත්තයන් නොලැබීමේ ප්‍රමාදයන් එක්ක තමයි සති කිහිපයක ප්‍රමාදයක් මාසයක ප්‍රමාදයක් මේ ගැන ඇති වුණේ. අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ඒ සියලු පාර්ශවයන් වෙත කණගාටුව ප්‍රකාශ කරන අතරේ, ඊයේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව යුක්තිය ඉටුකිරීමට සඳහා තීරණය කළ බව ඔබට දැනුම්දෙනවා. ඒ සියලු පාර්ශවයන්ට සුබපතමින්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img