සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ආයෝජනයෙන් ලබන ආදායම මුල්‍යමය ආදායමක් සේ සලකා බදු ගෙවීමට සුදානම් නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
විපක්ෂ නායකවරයා අද (09) පාර්ලිමේතුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අරමුදල් ආයෝජනයෙන් ලබන අදායම මුල්‍යමය අදායමක් සේ දේශීය අදායම් කොමසාරිස් අර්ථ නිරූපණය කිරීම පිළිබඳ තමන් විරුද්ධත්වය පළ කළ බවය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,
“මේක මේ ගැසට් එකෙන් විතරක් ආපු එකක් නෙමෙයි. මීට පෙර ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් අර්ථ නිරූපණයක් කරලා තියෙනවා EPF, ETF වල මුදල්වලින් කෙරෙන ආයෝජනවලින් ලැබෙන මුදල් ඒ පනත යටතේ ආදායමක් හැටියට එන නිසා ඒකට බද්දක් ගෙවන්න ඕන කියලා.”
“නමුත් අපේ අමාත්‍යාංශය පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා. ඒක වැරදියි.. දැන් මාස ගාණක් තිස්සේ අපි ඒක දන්වලා තියෙනවා. ඒක අපේ ස්ථාවරය.”
“ආදායම් බදු කොමසාරිස්තුමා අපෙන් ඉල්ලලා තියෙනවා මේක ගෙවන්න කියලා. අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා.”






















