Tuesday, November 10, 2026
HomeNEWSEPF ගැන සජබයෙන් අනාවරණයක්

EPF ගැන සජබයෙන් අනාවරණයක්

මෙරට සේවක අර්ථසාධක අරමුදලට අතීතයේ සිදුවී ඇති බලපෑම් හෙළිදරව් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (09) පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අතීත බැඳුම්කර ගනුදෙනු ගැන වෝහාරික විගණන සිදුකළ ඉන්දියාවේ BDO සමාගම සහ KPMG සමාගම 2019 නොවැම්බර් මස නිකුත් කළ වාර්තා 05 ක් මගින් ඒ බව අනාවරණය වී ඇති බවය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා,

“මේ වාර්තා 5 ඉදිරිපත් කරලා තියෙන්නේ 2019 නොවැම්බර් 7,8 සහ 9. මේවා යට ගහලා තියෙන්නේ. අර්ථසාධක අරමුදල ගැන මේකෙ කියන ඒවා.. මම කෙටියෙන් කිව්වොත්.., අර්ථසාධක අරමුදල් අරගෙන එක්කො කොටස් වෙළෙඳපොළට දානවා. නැත්තම් බැඳුම්කරවලට දානවා.”

“මෙතන බැඳුම්කරවලට දාපු ඒවා කියනවා..එක එක්කෙනාට ඕන විදිහට සල්ලි දාලා තියෙනවා. කමිටුවේ අනුමැතියත් නැතුව කියලා. මේ වාර්තාවල් 5ම යට ගහලා තියෙන්නේ.” 

“මේකේ කියනවා, අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග මේ ගැන හමුවක් ඉල්ලා තිබුණා නමුත් ඔහු ප්‍රතිචාර දැක්වුවේ නෑ කියලා.”

මේ අතර සියයට 25ක විශේෂ අධිභාර බද්ද අය කෙරෙන කාණ්ඩයට සේවක අර්ථසාධක අරමුදල, විශ්‍රාමික පාරිතෝෂික ඇතුළු අරමුදල් ඇතුළත්කිරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගය අද ආරම්භ කර තිබුණි. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත යළිත් අමෙරිකානු ඩොලර් බිලියන 2.3 දක්වා පහතවැටීමත් සමග ශ්‍රී ලංකාව ණය ගෙවීමේ අර්බුදයකට මුහුණ පා සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය. 

කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීමක් අබියස සිටින බවට මෑතක දී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නොමැති බවය.

අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් අත්කර ගැනීම් සහ එමගින් ජාත්‍යන්තර සංචිත ගොඩනැගීම තුළින් ස්වෛරීත්ව ණය කිසිදු බාධාවකින් හෝ පැහැර හැරීමකින් තොරව පියවීමට හැකි බවට රජයට සහතික විය හැකි නිසා, එකී මාධ්‍ය වාර්තාවල සඳහන් ආකාරයට ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ආයෝජකයින් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව මහ බැංකුව අවධාරණය කරයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img