නිවසක් තුළ රහසිගතව ඇති කළ දුර්ලභ ගණයේ සුදු පැහැති රාජාලියෙකු බවට අනුමාන කරන සත්ත්වයෙක් සොයාගෙන තිබේ.
ඒ පුත්තගම පාලවිය 2 කණුව ප්රදේශයේ නිවසකදීය.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය විසින් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලීසිය සඳහන් කළේ සත්ත්වයාව වනජීවි නිලධාරීන් වෙත භාරදීමට නියමිත බවය.
ඒ අනුව සත්ත්වයා පිළිබඳව නියම අනාවරණය සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බවද පොලීසිය පැවසීය.






















