Tuesday, November 10, 2026
HomeNEWSඅපහාසයට එරෙහිව ඇමති ගම්මන්පිළගෙන් නීතිමය පියවර

අපහාසයට එරෙහිව ඇමති ගම්මන්පිළගෙන් නීතිමය පියවර

විදුලිය කප්පාදුවකට සූදානම් වන්නැයි ජනතාවට දැනුම් දෙන පසුබිමක බලශක්ති අමාත්‍යවරයාගේ නිල නිවස සඳහා අමතර විදුලි ජනන යන්ත්‍රයක් මිලදී ගැනීමට ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවට සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද චෝදනා කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අප බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ 2020 වසරේ තමන් බලශක්ති අමාත්‍යවරයා ලෙස නිල නිවස භාරගන්නා විට එහි පැවති විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය වී තිබූ බවය.

ඒ සඳහා නව යන්ත්‍රයක් ප්‍රතිස්ථාපනය කිරීමට මේ වසරේ ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබූ නමුත් තමන් ඒ බව දැනගත් අවස්ථාවේම එය අවලංගු කිරීමට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ එලෙස අත්හිටවූ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අපහාසාත්මක චෝදනා එල්ල කළ ආනන්ද පාලිත මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img