Tuesday, November 10, 2026
HomeNEWSමතුගම බාලිකා පාර ප්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

මතුගම බාලිකා පාර ප්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 38ක කාන්තාවකි.

මෙම වෙඩිතැබීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවට මේ වනවිට වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබේ.

මියගොස් ඇති කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඝාතනය සඳහා අදාළ සැකකරුවන් පැමිණ ඇති බවට පොලිසිය සැකපළ කරයි.

ඔහු එම අවස්ථාවේ නිවසේ සිට ඇතිමුත් වෙඩි තැබීම්වලින් ඔහුට හානියක් සිදුව නොමැත.

කෙසේ වෙතත් මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මේ වනතෙක් අනාවරණය වී නොමැත.

එම ස්ථානයේ වැටී තිබී ටී 56 උණ්ඩ කොපු 06 මේ වනවිට සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

මතුගම මහේස්ත්‍රාත්වරයා විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර දේහය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ඝාතනයට හේතුව, ඝාතනය සිදුකළ සැකකරුවන් සහ ඒ සඳහා යොදාගන්නා ලද ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img