Tuesday, November 10, 2026
HomeNEWSවිදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් අඳුරේ තබන්න සැරසේ

විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් අඳුරේ තබන්න සැරසේ

විදුලි බිල්පත් ගෙවීම මඟහැර ඇති පාරිභෝගිකයින්ගෙන් ඒ සඳහා අමතර මුදලක් අය කරගැනීම හෝ ඔවුන්ට සැපයෙන විදුලිය විසන්ධි කිරීමට අදාළ නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ හෙට (17) දිනයේ අදාළ නියෝගය නිකුත් කරන බවය. 

“විදුලිබල මණ්ඩලයේ සහ ලෙකො එකෙයි පාරිභෝගිකයින් නොගෙවූ බිල්පත් මුදල රුපියල් බිලියන 50ක්. මේක කරන ක්‍රමයක් තියෙනවා. මේක බේරගන්න ඕනේ.”

අද දෙරණ ‘බිග්ෆෝකස්’ වැඩසටහන සමග  එක්වෙමින් කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලයට දින 45ක කාලයක් සඳහා අවශ්‍ය දැවිතෙල් හා ඩීසල් එකවර ආනයනය කර ගබඩා කරගැනීමට සැලසුම් කර ඇති බවය.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාවය සියයට 47 දක්වා පහත වැටීමත් සමග ජාතික පද්ධතියට එක් කරන ජල විදුලිය ප්‍රමාණය මේ වනවිට සියයට 25 දක්වා අඩුවී තිබේ.

ඒ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය මේ මොහොතේ සියයට 50 කින් අඩු කළ යුතු බවට මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ කර තිබේ.

ඉන් ඇති වන විදුලි හිඟය පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර ද ඇතුළුව තාප විදුලි බලාගාර මගින් ආවරණය කරගැනීමට අපේක්ෂිතය.

නමුත් සියලුම තාප විදුලි බලාගාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබුණහොත් පමණක් මෙම සැලසුම සාර්ථක වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

ඊයේ රාත්‍රියේ පැවති උපරිම ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,596කි.

ඉන් සියයට 71ක් තාප විදුලි බලාගාරවලිනුත් සියයට 25ක් ජල විදුලියෙනුත් සපුරාගෙන තිබුණි.

කැලණිතිස්ස බලාගාරය සහ සොජිට්ස් බලාගාරය ඩීසල් නොමැතිව තවමත් අක්‍රියව පවතී.

එමෙන්ම විදුලිබල මණ්ඩලයට අයත් මතුගම,කොලොන්නාව හා තුල්හිරිය කුඩා බලාගාර ද නතර කර තිබෙන්නේ ඩීසල් හිඟය හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img