Tuesday, November 10, 2026
HomeNEWSබිරිඳට පහරදී පොලිස් නිලධාරියාව ඝාතනය කළ සිද්ධිය ගැන තවත් තොරතුරු

බිරිඳට පහරදී පොලිස් නිලධාරියාව ඝාතනය කළ සිද්ධිය ගැන තවත් තොරතුරු

පොලිස් කොස්තාපල්වරයෙක්ට, ඔහුගේ බිරිඳට සහ ඔහුගේ බාල සහෝදරයාට පහරදී කොස්තාපල්වරයා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය විමර්ශන සිදුකරන බවය. 

ඊයේ (17) රාත්‍රියේ තංගල්ල විතාරන්දෙනිය ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

සිද්ධියට හේතුව පුද්ගලික ආරවුලක් වන අතර බරපතළ පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා මියගොස් තිබුණි.

මියගොස් තිබුණේ දක්ෂිණ අධිවේග මාර්ගයේ රාජකාරී කළ චතුරංග දිල්ෂාන් නැමති 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු පදිංචිව සිටින නිවස ආසන්නයේ පිරිසක් සමග ඇතිවූ පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුකර තිබේ.

එම පොලිස් කොස්තාපල්වරයාගේ බාල සහෝදරයා ද සැකකරුවන්ගේ පහරකෑමට ලක්ව බරපතළ තත්ත්වයේ පසුවන අතර ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

පොලීසිය සඳහන් කළේ මෙම පහරදීමට පුද්ගලයින් 15 දෙනෙකු සම්බන්ධවී ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවත් ඔවුන් හඳුනාගෙන ඇති බවත්ය.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව තංගල්ල පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img