Monday, November 9, 2026
HomeNEWSයුද බිය මැද බොර තෙල් මිල ඉහළ ට

යුද බිය මැද බොර තෙල් මිල ඉහළ ට

යුක්‍රේන – රුසියා අර්බුදය හේතුවෙන් සැපයුම් මාර්ගවලට ඇතිවිය හැකි බලපෑම් නිසා ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල සීඝ්‍ර ලෙස ඉහළයමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.  

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.44ක් දක්වා වැඩි වී තිබේ. එය වසර 7කින් වාර්තා වී ඇති ඉහළ ම මිලය.
 
මෙම නවතම තත්ත්වය ඇතිවී ඇත්තේ යුක්‍රේනයේ සටන්කාමීන් විසින් බලය අල්ලාගෙන සිටින කලාප දෙකකට රුසියානු හමුදා කණ්ඩායම් යැවීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් නියෝග කිරීමෙන් අනතුරුවය.

එම සටන්කාමීන්ට රුසියාවේ සහාය ලැබෙයි. 

එසේම එම කලාප දෙක ස්වාධීන කලාප ලෙස පිළිගැනීමට ද රුසියානු ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා විය.

ඒ සමගම එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල් රුසියාවට අනතුරු අඟවන්නේ සම්බාධක පනවන බව පවසමිනි.

සෞදි අරාබියට පසුව ලොව දෙවැනි විශාලතම ඉන්ධන අපනයනකරු වන්නේ රුසියාව යි.
 
එසේම ලොව ප්‍රමුඛතම ස්වාභාවික ගෑස් නිෂ්පාදකයා වන්නේද රුසියාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිං ගඟේ ජල මට්ටම ඉහළට..තවලම, හිනිදුම, බද්දේගම, නාගොඩ, දිවිතුර යන ප්‍රදේශවල පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක්

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් තවලම, හිනිදුම, බද්දේගම, නාගොඩ, දිවිතුර යන ප්‍රදේශවල පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක්; අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව...

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img