යුක්රේනය සහ රුසියාව සාම සාකච්ඡා පැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් සහ වේලාවක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව යුක්රේන රජය පවසයි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ ප්‍රකාශක සර්ජි නිකිෆොරොව් සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබේ.
සාකච්ඡා පැවැත්වීම සඳහා රුසියාව විසින් බෙලරූස් අගනුවර යෝජනා කර ඇති අතර යුක්රේනය ඒ සඳහා පෝලන්ත අගනුවර යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම රුසියාව සහ යුක්රේනය සමග ඉහළ සබඳතා පවත්වන ඊශ්‍රායලය මෙම සාකච්ඡාවල මැදිහත්කරුවෙකු ලෙස සහභාගීකරවා ගැනීමට ද යුක්රේනය යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න






















