Monday, November 9, 2026
HomeNEWSඅසාමාන්‍ය විදුලි බිල ගැන ඇමති කෙහෙලිය ගෙන් පැහැදිලි කිරීමක්

අසාමාන්‍ය විදුලි බිල ගැන ඇමති කෙහෙලිය ගෙන් පැහැදිලි කිරීමක්

තමා පදිංචිව සිටි නිවසේ අසාමාන්‍ය සහ අවිධිමත් විදුලි බිල්පත් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අදාළ විදුලි බිල්පත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

ඒ අනුව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් පළ කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවිධිමත් සහ අසාමාන්‍ය විදුලි බිල්පත් ලබාදී තිබූ බවය.

අවස්ථා ගණනාවකදී ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීම් සිදුකළත් ප්‍රතිචාර නොලැබුණු නිසා වත්මන් තත්ත්වය උද්ගතවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා පදිංචිව සිටි කොළඹ 07, සරණ පාරේ පිහිටි නිවසේදී මෙම තත්ත්වය ඇතිවී තිබුණි.

තමන් මෙම නිවසේ පදිංචියට පැමිණියේ 2015 වසරේ ජනවාරි මසදී බවත් ඒ සමයේදී විදුලි බිල රු. 25,000ත් 30,000ත් වැනි මට්ටමක පැවති නමුත් පසුකාලීනව විදුලි බිල්පත්වල අසාමාන්‍ය වැඩිවීමක් තමන්ට දක්නට ලැබුණු බව ඇමතිවරයා සඳහන් කරයි.

ඇතැම් අවස්ථාවල රුපියල් 760,000, 330,000, 55,000, 75,000, 90,000 වැනි ගාස්තුවලින් යුත් බිල්පත් ලැබුණු අතර ඒවා නිකුත් කර තිබුණේ එහි පෙර සිටි තැනැත්තාගේ නමට බවද ඇමතිවරයා කියා සිටියේය. 

ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථා දෙකකදී මෙම අසාමාන්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තමන් ලිඛිතවත්, අවස්ථා 10 කදී පමණ ඇමතුම් ලබාදී සඳහන් කළ බවත් නමුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ අතර නිවස යළි භාරදීමට අවශ්‍ය වූ නිසා ගෙවීමට ඇති විදුලිබිල ඉල්ලා සිටි අවස්ථාවේදී තමාට ලක්ෂ 70 ක බිල්පතක් එවා ඇත්තේද පෙර සිටි අයගේ නමට බව ඇමතිවරයා සඳහන් කළේය.

ජනවාරි මාසයේදී තමන් එය ගෙවා දැමූ නමුත් ඒ මුදලට රිසිට් පත නිකුත් කර ඇත්තේද තමන්ට පෙර නිවසේ පදිංචිව සිටි පුද්ගලයාගේ නමට බව අමාත්‍යවරයා පැවසීය.

මේ වනවිට මෙම කාරණය නීති මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් සිය නීතීඥයින් වෙත භාරදී ඇති බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img