රුසියානු සහ බෙලරුස් ක්‍රීඩකයින්ට එරෙහිව තහනමක් පැනවීමට ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් ට චීනයේ බීජිං නුවර පැවැත්වීමට නියමිත ශීත ඝෘතු පැරාලිම්පික් උළෙල ට සහභාගීවීම අහිවි වෙයි.
ශීත ඝෘතු පැරාලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය හෙට (04) පැවැත්වීමට නියමිත අතර එළඹෙන සෙනසුරාදා සිට එහි තරග ආරම්භවීමට නියමිතය.
ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ සභාපති ඇන්ඩෘෘ පාසන්ස් පැවසුවේ අනෙකුත් සාමාජික රටවලින් එල්ලවූ විරෝධය හේතුවෙන් එම තීරණය ගත් බවය.






















