Monday, November 9, 2026
HomeNEWSමෛත්‍රී සමග එකතු වෙනවා ද? - සජබයෙන් තීරණාත්මක පිළිතුරක්

මෛත්‍රී සමග එකතු වෙනවා ද? – සජබයෙන් තීරණාත්මක පිළිතුරක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නැවත එකතුවීමක් ගැන එක් වතාවක් නොව දස වතාවක් සිතිය යුතු බව සමගි ජන බලවේගය පවසයි.

අද (04) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඒ බව පැවසීය.

ඒ මාධ්‍යවේදියෙකු සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ප්‍රශ්නය – “හිටපු ජනාධිප‍තිවරයා ආයෙත් සමගි ජන බලවේගයත් සමග එකතු වෙන්න ආවොත් පිළිගන්නවා ද?”

රංජිත් මද්දුමබණ්ඩාර –  “එක සැරයක් නෙමෙයි දහ සැරයක් ඒ ගැන හිතන්න වෙනවා. හිතලා බලලා නේ ඒ ගැන තීරණයක් ගන්නේ. අපි මේ ගමන යන්නේ පිරිසිදු පුද්ගලයින් සමග පමණයි. ජනතාව වඩාත්ම හොඳ කණ්ඩායම තෝර ගනී.”

“ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියලා ආණ්ඩුවේම කොටසක් අද කියනවා. ආණ්ඩුව ගෙදර යවන්න සහ රට බේරගන්න පිරිසකට සමගි ජන බලවේගය ආරාධනා කරනවා.. අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. සාකච්ඡා යන සියල්ලම හෙළි කරන්නත් බෑ නේ.”

රට බේරාගැනීමේ ආරම්භ හෙවත් ‘නොනවතින රැල්ල’ මාර්තු 15 වනදා සවස 2ට කොළඹින් ආරම්භ කරන බවද සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img