රුසියාවේ සිටින කුමන හෝ පුද්ගලයෙක් ජනාධිපති ව්ලැද්මීර් පුටින් ව ඝාතනය කරන්නැයි අමෙරිකානු සෙනට් සභික ලින්ඩ්සේ ග්රැහැම් ඉල්ලීමක් කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ පුටින් ඝාතනය විය යුත්තේ ජුලියස් සීසර් ඝාතනය වූ ආකාරයට බවය.
රුසියාව, යුක්රේනය ඉලක්ක කරමින් දැවැන්ත යුදමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර අදට දින 10කි.
මේ අතර පසුගිය පැය 24 තුළ රුසියානු ගුවන් හා කාලතුවක්කු ප්‍රහාර පෙර දිනවලට වඩා අඩුවෙන් සිදුවී ඇති බව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත් ඔවුන් අනතුරු අඟවන්නේ රුසියානු හමුදා දකුණුදිග යුක්රේනයේ “මිකොලයෙව්” නගරය වෙත ගමන් කරමින් සිටින බවටය.
කළු මුහුදේ තීරණාත්මක වරායක් වන “මිකොලයෙව්” අත්පත් කරගැනීමට රුසියානු හමුදාව සමත්වුවහොත්, ඔවුන් ප්‍රධාන වරාය නගරයක් වන ඔඩෙසා වෙත සමීප වෙයි.






















