Monday, November 9, 2026
HomeNEWSපහරදීමකින් පුද්ගලයෙක් ඝාතනය වෙයි

පහරදීමකින් පුද්ගලයෙක් ඝාතනය වෙයි

අම්බලංගොඩ කන්දෙගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇත.

පසුගිය 5වනදා රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් කූලී ගමනක් ගොස් එම ත්‍රිරෝද රථය ඥාතියෙකුගේ නිවසසේ නවතා, නැවත නිවසට එන අතරතුර කන්දෙගොඩ දුම්රිය හරස් මාර්ගය අසල දී එම පුද්ගලයාට පහර දී ඇති බව අනාවරණය වී තිබේ.

පසුව තුවාලකරුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට යොමුකිරීමේ දී මිය ගොස් ඇත.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයාට අතින් පයින් පහරදී තුවාල සිදුකර තිබු බවය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි කන්දෙගොඩ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් කන්දෙගොඩ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (07) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img