අපරාධ කල්ලි සාමාජිකයෙකුව අත්අඩංගුවට ගැනීමට යාපනය, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදිවලින් ගොස් නිවෙස් තුළට ඇතුළු වී නිවැසියන්ට පහර දී එම පුද්ගලයා අපරාධ සිදුකර ඇති බවය.
ඊයේ (09) උදෑසන සිදුකළ වැටලීමක දී කඩුවක් සමග සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු යතුරුපැදිවලින් ගොස් කඩු කිනිසි භාවිත කරමින් නිවෙස් තුළට අයුතු ලෙස ඇතුළ වී නිවැසියන්ට පහරදී තුවාල සිදුකර දේපළ කොල්ලා ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වු කොකුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අපරාධ රැසක් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.
ඒ අනුව සැකකරු විසින් 2021.08.12 දින යාපනය පොලිස් වසමේ දී යතුරුපැදියක් කොල්ලකෑම, 2021.11.06 දින යාපනය ප්‍රදේශයේ දී පුද්ගලයෙක් කඩුවකින් කපා තුවාල කිරීම, 2021.12.23 වනදින යාපනයේ දී පුද්ගලයෙකු ව තියුණු ආයුධයකින් කපා තුවාල කිරීම හා 2021.12.23 වන දින කෝපායි ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවසට සහ යතුරු පැදි දෙකකට අනර්ථයක් සිදුකර යතුරුපැදියක් කොල්ල කා රැගෙන යෑම ආදි අපරාධ සිදුකර ඇතැයි හෙළි වී ඇත.
සැකකරුව අද (10) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.






















