Monday, November 9, 2026
HomeNEWSවිශාල අගයකින් බස් ගාස්තුව වැඩිවෙයි ?

විශාල අගයකින් බස් ගාස්තුව වැඩිවෙයි ?

ඩීසල් සඳහා සහනාධාරයක් ලබානොදෙන්නේ නම් හෝ බස්ගාස්තු ඉහළ නැංවීමක් සිදුනොකරන්නේ නම් ලබන සඳුදා සිට පෞද්ගලික ප්‍රවාහන සේවය අඩාල විය හැකි බව බස්රථ සංගම් පවසති.

ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව එම සංගම් පවසා තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා,

“කෙටි දුර ධාවන බස් රථ අද දිනයේදී ධාවනය කිරීමේදී දෛනිකව රුපියල් 5,500ක පාඩුවක් තිබෙනවා. මෙහෙම බස් දුවන්න බෑ. අද දුවන්නේ ඊයේ අඩු මිලට ඩීසල් ලබාගත් බස් පමණයි. 80%ක් බස් ධාවනය නැවතිලා. ඉතිරි 20%ත් හෙට සහ අනිද්දා ක්‍රමානුකූලව ධාවනයෙන් ඉවත් වෙනවා. අපි ඇමතිට කියන්නේ ජීවත්වීමට හැකි තත්ත්වයක් අපිට ලබාදෙන්න කියලා. එහෙම නොවුණොත් අපිට සිදුවෙනවා විශාල අගයකින් බස් ගාස්තු සංශෝධනයක් කරා යන්න.”

ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

“බස් රථවලට පැරණි මිලට ඉන්ධන ලබාදෙන්න කටයුතු කරනවා නම් අනෙක් දේවල් කොච්චර වැඩි වුණත් අපි බස් ගාස්තු සංශෝධනය කරන්නේ නෑ. මේක හෙට වෙනකොට ඉවර වෙන්න ඕනේ. සහනාධාරයක් නොදුන්නොත් 15%ක බස් ගාස්තුවකට යන්න අපිට සිද්ධ වෙනවා.”

මේ අතර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එළඹෙන සඳුදා දිනයේදී ප්‍රවාහන අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් සංගම්වල ඉල්ලීම පරිදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවය.

බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රධාන කාරණා 12ක් සහ අනෙකුත් කාරණා කිහිපයක් බලපාන අතර ඒ සම්බන්ධයෙන් දත්ත එක්රැස් කිරීම ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img