Monday, November 9, 2026
HomeNEWSදුම්රිය ගාස්තුත් සංශෝධනය කරනවා -ප්‍රවාහන ඇමති

දුම්රිය ගාස්තුත් සංශෝධනය කරනවා -ප්‍රවාහන ඇමති

දුම්රිය ගාස්තුව ඉදිරියේ දී සුළු වශයෙන් හෝ සංශෝධනය කිරීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව දුම්රිය ගාස්තු සංශෝධනයට අදාළ පුර්ව අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගිය කාලයේ ඉන්ධන මිල වැඩි වුවත් දුම්රිය ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකළ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ඉතාම සහනදායි මිලකට තමයි දුම්රිය ප්‍රවාහනය සපයන්නේ. බස් ගාස්තුවෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් තමයි දුම්රිය ගාස්තුව හැටියට සැලකෙන්නේ. එකේ සීසන් එක ගත්තහම තුනෙන් එකෙනුත් තුනෙන් එකක් තමයි සීසන් ගාස්තුව ලෙස සලකන්නේ. සීසන්හිමියන් තමයි මේකේ වැඩිපුරම ගමන් කරන්නේ. නමුත් මේ වතාවේ දී රු 55ක පමණ මුදලකින් ඩීසල් මිල ඉහළයෑම නිසා අපිට මෙතෙක් රජයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පඩි සියල්ල ලබලා දුන්නත් ඉන්ධන වියදම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දරමින් සිටියා. මේ තත්ත්වය යටතේ යම් මිල සංශෝධනයකට නොගියොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්ධනවල වියදම පවා කරන්න බැරිවෙන නිසා. තවම තීන්දු කරලා නැති වුණත් යම් ප්‍රමාණයකින් අවම වශයෙන් ඉන්ධන මිල පමණක් හෝ ගෙවා ගැනීමට සරිලන ආකාරයෙන් දුම්රිය ගාස්තු ඉදිරියේ දී සුළු සංශෝධනයකට ලක්කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ දිනයේ දී කැබිනට් මණ්ඩලය ඒ සඳහාත් පුර්ව අනුමැතිය ලබාදුන්නා යම් අවම මට්ටමකින් දුම්රිය ගාස්තුත් සංශෝධනය කිරීම සඳහා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img