මේ වනවිට මෙරට මුහුදු සීමාවේ නැංඟුරම්ලා ඇති ගෑස් නෞකා දෙකට ගෙවීම සඳහා තවමත් ඩොලර් ලැබී නැතැයි ලිට්රෝ සමාගම පවසයි.
ගෑස් මෙට්‍රික් ටොන් 3,500 බැගින් රැගෙන පැමිණි නෞකා දෙක මෙරටට ළඟාවී අදට දින10ක් පමණ ගතවී තිබේ.
නමුත් ඉන් එකක හෝ ගෑස් ගොඩබෑම සඳහා මෙතෙක් මුදල් ගෙවීමට හැකියාවක් ලැබී නොමැති බව ලිට්රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෑස් මිලදී ගැනීමට මුදල් නොගෙවූ එවන් තත්ත්වයක් මත ප්‍රමාද ගාස්තු වශයෙන් එක් නෞකාවට පමණක් දිනකට අමෙරිකානු ඩොලර් 18,000ක් ගෙවීමට සිදුවන බව අප කළ සොයාබැලීමකදී අනාවරණ විය.
ඒ අනුව නෞකා දෙකටම ප්‍රමාද ගාස්තු ලෙස අද වනවිට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 360,000ක මුදලක් ගෙවීමට සිදුව තිබේ.
මෙරට මුහුදු සීමාවේ නැංඟුරම්ලා ඇති ගෑස් නෞකාවලින් ගෑස් ගොඩබෑමට නොහැකි වීම නිසා වෙළෙඳපොළේ හිඟය උග්‍ර වෙමින් පවතී.






















