මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ ව්‍යාපාරිකයින් රැසක් රුපියල අවප්‍රමාණය වීමට පෙර මෙරටට රැගෙන ආ අමුද්‍රව්‍ය තොග සඟවා තබාගනිමින් වැඩි මිලට විකිණීමේ කූඨ ව්‍යාපාරයක නිරත වෙමින් සිටින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පැවසීය.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ පිළිබඳ කරුණු අනාවරණය කරනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පැවසුවේ ව්‍යාපාරිකයන් 26 දෙනෙකු මෙම ජාවාරම පසුපස සිටින බවය.






















