Monday, November 9, 2026
HomeNEWSහෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේකොත්වහන්සේ නිරාවරණය කෙරේ

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ
කොත්වහන්සේ නිරාවරණය කෙරේ

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යයේ
කොත්වහන්සේ නිරාවරණය කරන අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද
(16) දින සහභාගී විය.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙහි දී සෙත් පිරිත් සජ්ජායනා
මධ්‍යයේ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කරන ලදි.
අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභිනව චෛත්‍යට ප්‍රථම මල් පූජාව
පැවැත්වීය.
කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ
ධම්මාලංකාර මහා නායක ස්වාමීන්වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශවයේ
අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනු නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා
සංඝරත්නය මෙහි වැඩම කළහ.
චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය උදෙසා
සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. ඊට වැඩම කළ මහා සංඝරත්නය සමඟ
අග්‍රාමාත්‍යතුමා සුහඳ කතාබහක නිරත විය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ලසන්ත
අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක
මහත්වරු සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න
මාධ්‍ය නිවේදන අංක – 722

2022.03.16

මහතා ඇතුළු විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවෝ මෙම අවස්ථාවට එක්ව
සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img