ගාල්ලේ ධර්මපාල උද්‍යානයේ විවේකීව ගත කිරීමට විශාල පිරිසක් පැමිණෙති.
අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ උපදෙස් පරිදි ගාල්ල ධර්මපාල උද්‍යානය ප්‍රතිසංස්කරණ
ධර්මපාල උද්‍යානය දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.
ගාල්ල නගරයේ සමනල පාලම අසල තිබෙන ප්‍රතිසංස්කරණයට ලක් කරන ලද ධර්මපාල උද්‍යානයේ විවේකීව ගත කිරීමට විශාල පිරිසක් පැමිණෙන අතර මෙවැනි උද්‍යානයක් ප්‍රතිසංස්කරණය කිරීම ගැන එහි පැමිණෙන ජනතාව ප්‍රසාදය පළ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම ධර්මපාල උද්‍යානය පසුගිය දා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.
වර්ෂ 1889 දී ශ්‍රී ලංකාව යටත් විජිත රාජ්‍යයක් ලෙසින් පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ගාල්ල නගර මධ්‍යයේ ගොඩනැඟූ වික්ටෝරියා පාක් හෙවත් ධර්මපාල උද්‍යානය ප්‍රතිසංස්කරණය කර අතිගරු ජනාධිපතිතුමා විසින් ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව දකුණු පළාත් ආණ්ඩුකාර, ආචාර්ය විලී ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
ධර්මපාල උද්‍යානය නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ පිළිබඳව අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර, ආචාර්ය විලී ගමගේ මහතා සඳහන් කළේ දකුණේ අගනගරය වන ගාල්ල නගරය ව්‍යාපෘති රැසක් හරහා දර්ශනීය නගරයක් බවට මේ වන විට පත්කර අවසාන බවයි.
“මෙම ව්‍යාපෘතිය මෙහෙයවීම සිදුකළේ නාගරික සංවර්ධන අධිකාරියයි. මෙහි ඉතිහාසය ඉතා දිගුයි. ඒ වත්මන් අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි සමය කරා දිව යන්නක්. මේ සියලු නගර සංවර්ධන නගර අලංකරණය ඇරඹුවේ අන්න එම කාලයේ. ඒ වගේම ගරු අගමැතිතුමා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් මෙම සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු කරන ලෙසට නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නා. ගාල්ල සමනල පාලම අසල අක්කර 05 ක පමණ භූමියක පිහිටි ධර්මපාල උද්‍යානය අද පවතින්නේ ප්‍රශංසනීය තත්ත්වයකයි. දැන් මෙම උද්‍යානය ලොකු, පොඩි සෑම කෙනෙකුට ම භාවිතයට ගත හැකියි. ඒ වගේම ගාලු කොටුව යනු අපේම දෙයක් එය අද එය ලෝක උරුමයක් වී අවසානයි. දැන් ගාලු කොටුව ඉතාමත් දර්ශනීයයි. ගාල්ල නගරය නව ජීවයක් ලැබුවා කීම නිවැරදියි. මේ සියලු කටයුතු සඳහා ගරු නගරාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය දැරුවේ අතිමහත් වෙහෙසක්. එය ප්‍රශංසනීයත්වට ලක්කළ යුතුයි. ගාලු උරුමය ලබා දුන් සහයෝගය වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් දායකත්වයත් ඉතා විශාලයි. අංග සම්පූර්ණ නගරයක, ලස්සන නගරයක උරුමය ගාලු ජනතාව සඳහා සතුව අවසානයි. මේ ධර්මපාල උද්‍යානයටත් දැන් නිදහසේ නොබියව පැමිණීම සිදු කළ හැකි මතක තබා ගත යුතුයි. මේ සියලුම දේ මෙම රජය කරනු ලැබුවේ බරපතළ ව්‍යවසන රාශියකින් රට වෙළාගත් මොහොතකයි යනුවෙන් අපි සැවොම කිසිවෙකුත් අමතක නොකළ යුතු කාරණයක්.”
යනුවෙන් ද දකුණු පළාත් ආණ්ඩුකාර, ආචාර්ය විලී ගමගේ මහතා ප්‍රකාශ කළේය.
යටත් විජිත රාජ්‍යයන් පෙරටු කරගත් බ්‍රිතාන්‍ය මහ රැජිණ වූ වික්ටෝරියා රැජිනගේ රාජාභිෂේකය සැමරීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයින් විසින් වික්ටෝරියා පාක් නමින් මෙම උද්‍යානය ඉදිකර තිබිණ.
1948 දී නිදහස ලැබීමෙන් යටත් විජිත රාජ්‍ය සංකල්පයෙන් මිදුනු ශ්‍රී ලංකා රජය මෙම උද්‍යානය ධර්මපාල උද්‍යානය ලෙස නම් කළ අතර වසර ගණනාවක් කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්ව නොතිබිණ.
ගාල්ල මහ නගර සභාවේ ඍජු පාලනය යටතේ පාලනය වන මෙම ධර්මපාල උද්‍යානය වත්මන් රජය යටතේ සෑම නගර කලාපයකටම ක්‍රියාත්මක කරන “උපාය මාර්ගයක නගර සංවර්ධන ව්‍යාපෘතිය” යටතේ ඒකාබද්ධ නාගරික සේවා වැඩි දියුණු කිරීම සහ පොදු අවකාශයන් වැඩිදියුණු කිරීම යටතේ ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙම ප්‍රතිසංස්කරණය යටතේ ධර්මපාල උද්‍යානයේ නව ක්‍රියාකාරකම් සහ ආකර්ෂණය ඇති කරතැයි අපේක්ෂා කෙරේ.
ඉතා කාර්යබහුල නගරයක් වන ගාල්ල නගරයේ ඇවිද යන්නන් සඳහා සුදුසු අවශ්‍ය හරිත පරිසරයක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. ඒ මඟින් කුඩා ක්ෂේත්‍ර භූමියක් නැවත නිර්මාණය කිරීමත්, ගාල්ල ප්‍රදේශයේ සංචාරකයන්ට වැඩි කාලයක් රැදී සිටීමට දිරියක් ලබා දීමත් අනෙක් අරමුණු වෙයි.
ධර්මපාල උද්‍යානය ප්‍රතිසංස්කරණය කොටස් දෙකකින් සමන්විත වේ. ඒ ඉදිකිරීම් සහ ශාක වර්ග රෝපණය කිරීමේ අංශ 02 යි.
ඉදිකිරීම් යටතේ උද්‍යානයට මෙන්ම ගාල්ල නගරයට පැමිණෙන්නන් සඳහා පොදු පහසුකම් පද්ධතියක් ඉදිකර තිබේ. ක්‍රීඩා භාණ්ඩ සහිත ළමා ක්‍රීඩා පිටියක්, පැවති එළිමහන් රංග පීඨය වැඩි දියුණු කිරීම, ජලාපවහන පද්ධතිය ඉදිකිරීම, දැනට පවතින සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සහ ආලෝකකරණ පද්ධතිය ස්ථාපිත කිරීම අවසන් කර ඇත.
ශාක වර්ග ලෙස මල් සහිත, සෙවන පවතින සහ සුළඟට බාධක ලෙස ක්‍රියා කරන විවිධ ගස් වර්ග තෝරා ගෙන ඇති අතර ඒ යටතට මී, හීන් බෝවිටියා, මල් මුරුත, කොබෝනීල, මල්මාර, මගුල් කරද සහ මුදිල්ල යන ශාක වර්ග ඇතුළත් වෙයි.
ප්‍රමාණයෙන් අක්කර 5.5 ක භූමියක පැතිර පවත්නා ධර්මපාල උද්‍යානය ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ ලෝක බැංකුවේ අරමුදල් මඟිනි.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය රුපියල් මිලියන 200 කින් වැඩ නිමවූ ධර්මපාල උද්‍යානය සංවර්ධනය කිරීම 2019 අගෝස්තු මස 01 වන දිනෙන් අරඹා 2021 දෙසැම්බර් මස 31 වන දින අවසන් කර ඇත.
මහජනතාවගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට මෙමඟින් ප්‍රතිලාභ රැසක් හිමිවන බවට අපේක්ෂා කෙරේ. ප්‍රදේශයේ පාරිසරික භූ දර්ශනය ශක්තිමත් කර නිවැරදි සැලසුමකට අනුව ක්‍රීඩා කිරීමට, හරිත අවකාශයක විවේක ගැනීමට ඉඩකඩ හිමිවීම ද ගාල්ල ධර්මපාල උද්‍යානයෙන් පෙරළා ලැබෙන ප්‍රතිලාභ වෙයි.
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සමඟ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු, නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂ අනුර මැදවල, නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ (උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ) කැළුම් සිරිවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පීනි ද්‍රෞපදී දහනායක, ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක, ගාලු උරුමය පදනමේ ව්‍යාපෘති නිලධාරී තරංග ලියනාරච්චි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළාප නිලධාරි සාරංග වරුෂවිතාන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් ගාල්ල ධර්මපාල උද්‍යානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකර තිබේ.






















