Sunday, November 8, 2026
HomeNEWSඅපි එදත් අදත් උතුරේ ජනතාව ආරක්ෂා කරනවා -අගමැති

අපි එදත් අදත් උතුරේ ජනතාව ආරක්ෂා කරනවා -අගමැති

උතුරු පළාත සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බැඳී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සඳහා එම විහාර පරිශ්‍රයේ සංවිධානය කර තිබු වැඩසටහනට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

“උතුරු පළාත කේන්ද්‍රීයව ඇති වු කුරීරු යුද්ධය මේ ප්‍රදේශයේ සංවර්ධනයත් ජනතාවත් විනාශයට පත් කළ බව ඔබට අමුතුවෙන් කිව යුතු නෑ. වසර 30ක බියගුළු යුද්ධයෙන් පසුව මේ විහාරස්ථානය විශාල ලෙස සංවර්ධනයකර ගැනීමට බැතිමතුන්ට වන්දනාකර ගැනීමට අවශ්‍ය පුන්‍ය භූමියක් ලෙසට පත්කර ගැනීමට අපට අවශ්‍ය වුණා. අපි එදත් උතුරේ ජනතාව ආරක්ෂා කළා. අදත් එම ජනතාව ආරක්ෂා කිරීමටත් මේ පළාත සංවර්ධනය කිරීමටත් ජනාධිපතිතුමාත් අපගේ රජයත් බැඳී සිටින බව අප සිහිපත් කරන්න ඕනේ.”

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) යාපනය ප්‍රෙද්ශයේ ආගමික වැඩටහන් කිහිපයකට සහභාගී වුණි.

එහිදී  යාපනය නාවක්කුලිය සමිද්ධි සුමන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සංඝාවාසය සඟ සතු කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

යාපනය නාවක්කුලිය සමිද්ධි සුමන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සංඝාවාසය සඟ සතු කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙය ඉදිකර තිබුණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නාවක්කුලිය නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභින් 36 දෙනෙකුට ඔප්පු ප්‍රදානය කිරීමටත්, ගැබිනි මව්වරුන් 50 දෙනෙකුට පෝෂණ මලු ප්‍රදානය කිරීමටත් අග්‍රාමාත්‍යවරයා එහිදී කටයුතු කර තිබේ.

මේ අතර යාපනය ශ්‍රී නාගවිහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නාහිමි බැහැදැකීමට අග්‍රාමාත්‍යවරයා ඊයේ පැමිණියේය.

එම ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවුල්වල සිසුන් 50 දෙනෙකු සඳහා අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමටත් අග්‍රාමාත්‍යවරයා එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img