Sunday, November 8, 2026
HomeNEWSමිනිස්සුන්ගේ අමාරුව අපි හොඳට දන්නවා -ඇමති මහින්දානන්ද

මිනිස්සුන්ගේ අමාරුව අපි හොඳට දන්නවා -ඇමති මහින්දානන්ද

රට තුළ කෙතරම් අර්බුද පැවතියද මින් පෙර රට පාලනය කරමින් රට විනාශ කළ පාර්ශවයන් බලයට ගෙන ඒමට ජනතාව සූදානම් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ ඊයේ (27) පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ඔය එක්සත් ජාතික පක්ෂය පෙළපාලි ගියා කියලා, ජනතා විමුක්ති පෙරමුණ නුගේගොඩ ට ඇවිත් සෙනඟ පිරෙව්වා කියලා, මේ ආණ්ඩුව වෙනස් කරන්න හම්බවෙන්නේ නෑ. ගිය සතියේ මගේ ආසනයේ ඡන්ද 5ක් තිබුණා. ඡන්ද 5ම ගෙදර යන්න ගැහුවා මං ජවිපෙ ටයි යුඑන්පී යටයි. අපි ඡන්ද 5න්ම දින්නා. මින්සුන්ගේ අමාරුව අපි හොඳට දන්නවා. හැබැයි අමාරුව දැනගෙන ආපහු මේක රනිල්ට දෙන්න ද? ආපහු මේක සජිත්ට දෙන්න ද? අවුරුදු 5ක් මේ රට කාපු මහ බැංකුව මංකොල්ල කාපු අපේ මිනිස්සුන්ගේ සහනාධාර කපපු. දැන් මේ බඩු මිල, තෙල් පෝලිම් ආවා කියලා ෆොටෝ ගහලා, කැමරා දාලා ආණ්ඩුවට බැනලා, ජනාධිපතිතුමාට බැනලා, වෙනම භූතයෝ මවන්න හදනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ පාර්ලිමේන්තු ආසන 44ක් මේ රටේ මිනිස්සු දුන්නා ජෙවිපෙ එකට. 44ට දීලා බැරි නිසා 24ට බැස්සුවා. 24 බැරි නිසා 10ට බැස්සුවා. 10ත් බැරි නිසා 2ට බැස්සුවා. රැස්වීමට සෙනඟ ඉන්නවා. ඇයි කතාව ලස්සනයි. සුරංගනා කතා කියන්න හරිම ලස්සනයි අනුර දිසානායක. හැබැයි ඡන්දේ ගණන් කරාම පෙට්ටියේ බඩු නෑ. අපි මේ අමාරුව කියලා කැගි ගෑනි දීලා හොටු ගෑනි ගන්න මිනිස්සු ලෑස්ති නෑ. අපි අප්‍රේල් 1 වනදා වෙද්දි ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් විසඳනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img