Sunday, November 8, 2026
HomeNEWSඅතුරුදන්ව සිටි 16 හැවිරිදි පාසල් සිසුවාගේ සිරුර සොයාගනී

අතුරුදන්ව සිටි 16 හැවිරිදි පාසල් සිසුවාගේ සිරුර සොයාගනී

පැල්මඩුල්ල පහළඅමුණ උඩතුල ප්‍රදේශයේ කිරිදිඇල අමුණේ තිබී පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 16ක් වන පන්සල පාර, බැරැන්ඩුව, ලෙල්ලුපිටිය පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

ඔහු එම ප්‍රදේශයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් බවට අනාවරණය වුණි.

එම පාසල් සිසුවා පසුගිය 26වනදා ලෙල්ලුපිටිය ප්‍රදේශයට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු නැවත නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් දෙමාපියන් විසින් පසුගිය 27 වනදා රත්නපුර පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇත.

ඊයේ (28) මළසිරුර හමුවීමක් සමග පොලීසිය කළ වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එම සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග පසුගිය දිනක ජලාශයක දිය නෑමට ගොස් ඇති බවය. 

එහිදී එම සිසුවා දියේ ගිලී අතුරුදන්වී ඇති අතර ඔහු සමග දිය නාමින් සිටි අනෙක් සිසුන් මේ සම්බන්ධයෙන් කිසිවෙකුටත් නොකියා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලීසිය පවසයි.

එම සිසුවා අතුරුදහන්වීම සම්බන්ධයෙන් කිසිවෙකුටත් නොකියා එම ස්ථානයෙන් පිටව යාම සම්බන්ධයෙන් අදාළ සිසුන් තිදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img