Sunday, November 8, 2026
HomeNEWSකිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිරගත කර සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ “කිඹුලා ඇලේ ගුණා” නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (28) පස්වරුවේ බ්ලුමැන්ඩල් පොලිස් වසමේ රෙඩිබානා ඇළ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විවිධ වර්ගයේ විෂ මත්ද්‍රවය රැසක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක් කේරළ ගංජා ග්‍රෑම් 22ක් සහ  “PREGA TABLETS” නම් මත්පෙති 160ක් සොයාගෙන තිබේ.

එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 150,200 මුදලක්, මත්ද්‍රව්‍ය අලෙවිකිරීම සඳහා යොදාගත් ජංගම දුරකථන 03ක් ද සැකකරු සතුව තිබී සොයා ගෙන ඇත.

සැකකරු 27 හැවිරිදි අලුත් මාවත, කොළඹ 15හි ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

“කිඹුලා ඇලේ ගුණා” නැමැත්තාට 1999 වසරේ කොළඹ නගර සභා පිටියේ දී පැවති මහජන රැස්වීමක දී එවක ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img