මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් හමුවී සාකච්ඡා කර තිබේ.
ඊයේ (29) දිනයේ එම සාකච්ඡා සිදුව ඇති බව සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් එස්. ජයශංකර් මහතා සඳහන් කළේය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹ පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවෙමින් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
එහිදී එස් ජයශංකර් මහතා ඉන්දීයාවෙන් මෙරට ලබාදෙන ආර්ථික සහය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇති බව වාර්තා වේ.
ඉන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා රහුෆ් හකීම් මන්ත්‍රීවරයා ද හමුවී සාකච්ඡා කර තිබේ.
එහිදී මෙරට ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බව ස සඳහන්ය.
එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය වරයා ඊයේ පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ සාමාජිකයින් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කර තිබේ.
එහිදී එස් ජයශංකර් මහතා සමග සුහද ලෙස සාකච්ඡා සිදුකළ බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේය.






















