අද (30) දිනයේ දිවයින පුරා පැය 10ක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව ඒ සඳහා අවසර ලබාදුන් බව එම කොමිසම සඳහන් කළේය.
ඒ අනුව කලාප 26ක් යටතේ අද පෙරවරු 08.00 සිට රාත්රී 12.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
A,B,C,D,E,F කලාප සඳහා පස්වරු 02.00 සිට රාත්රී 12.00 දක්වා කාලය තුළ පැය 10ක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.
G,H,I,J,K,L යන කලාප සඳහා පෙරවරු 08.00 සිට පස්වරු 02.00 දක්වා පැය 06ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්රි 10.00 දක්වා පැය 04ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර P,Q,R,S කලාප සඳහා පස්වරු 02.00 සිට රාත්රි 12.00 දක්වා පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇත.
එමෙන්ම T,U,V,W යන කාලය සඳහා අද දිනයේ පෙරවරු 08.00 සිට පස්වරු.02.00 දක්වා පැය 06ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්රී 10.00 දක්වා පැය 04ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
මීට අමතරව M,N,O,X,Y,Z යන කලාප සඳහා පෙරවරු08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 10ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.






















































