වැලිමඩ පෙලිස් වසමේ කැප්පෙටිපොල ජාතික නිවස සංකීර්ණයේ නිවසක හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න හේතුවෙන් කාන්තාවක්, පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (29) රාත්රී කාලයේදී එම ගින්න හට ගෙන ඇති අතර පොලීසියේ සහ ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇත.
අදාළ නිවසේ විදුලිය නොමැති අවස්ථාවේදී නිවස තුළ තිබූ ජෙනරේටරය ක්රියාත්මක කර තිබී ඇති අතර, එය ක්රියාවිරහිත වීම හේතුවෙන් නිවැසියන් ඉටි පන්දමක් දල්වාගෙන එම ස්ථානයට ගොස් තිබේ.
ඒ අවස්ථාවේ දී ජෙනරේටරය ආසන්නයේ තිබූ පෙට්රල් බෝතලයකට ගිවි ඇවිලිමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර ඊයේ රාත්රී කාලෙයේදී පෑලිගොඩ පොලිස් වසමේ දරමඩුවත්ත ප්රදේශයේ පිහිටි තාවකාලික නිවස කිහිපයක හදිසි ගින්නක් හටගෙන ඇත.
අදාළ ගින්න හේතුවෙන් තාවකාලික නිවසා 03ක් ගිනිගෙන විනාශ වී ඇති අතර ගැහැණු ළමයෙකුද ගින්න හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහ ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















