Sunday, November 8, 2026
HomeNEWSසමාජ මාධ්‍ය වාරණය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව කොමිසම කියයි

සමාජ මාධ්‍ය වාරණය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව කොමිසම කියයි

සමාජ මාධ්‍ය වාරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එම කොමිසම පෙන්වාදෙන්නේ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව තක්සේරු කිරීමකින් තොරව හදිසි නීතිය පැනවීම ද මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ පැවති අතර එහිදි මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

ඒ අනුව අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ පොලිස්පතිවරයා කොමිසම හමුවට කැඳවීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත.

ලබන අඟහරුවාදා දිනයේ දී අදාළ නිලධාරීන්ට කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ.

මේ අතර ඇඳිරිනීතිය පැනවීම අර්බුදය සමනයට පදනමක් නොවන අතර පීඩනයට පත් ජනතාව කුරිරු නීතියකින් දමා ගැසීම අවිචාරවත් අනාගතයක් වෙත දොරටු විවර කිරීමක් බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය පෙන්වාදෙන්නේ, මෙරට සෑම පාලන තන්ත්‍රයක්ම වරින් වර තම බල ව්‍යාපෘති සඳහා ඇඳිරිනීතිය යොදාගෙන මෙරට පුරවැසියා මර්දනය කර ඇති බවය.

එබැවින් අර්බුදය සමනය කිරීම සඳහා මෘදු භාවිතාවක් වෙත ප්‍රවේශ වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව මාර්තු 12 ව්‍යාපාරය සිය නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img