අප්‍රේල් මස් 13,14 සහ 15 යන දිනයන් හි විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසා සිටියේ, එම තීරණය වෙනස් කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවය.
මේ අතර, අප්‍රේල් මස 16 වනදා සහ 17 වනදා උදෑසන 8ත් සවස 5ත් අතර පැය 2යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබේ.
“අපිට අවශ්‍ය තෙල් ප්‍රමාණය, වතුර ප්‍රමාණය, සියලු ප්‍රභවයන්ගෙන් ලැබෙන ප්‍රමාණය අනුව අපිට පුළුවන් විදුලි කප්පාදුවකින් තොරව ඒ දවස් කිහිපය ගත කරන්න. අපිට බලාපොරොත්තුව තියෙන්නේ 18න් පස්සේ, දීර්ඝ කාලීන විදුලි කප්පාදුවකට යන්නේ නැතුව මේ තත්ත්වය කළමනාකරණය කරගැනීමට. අපිට පුළුවන් එක දවසක් සම්පූර්ණයෙන් විදුලිය දීලා ඒක කළමනාකරණය කරගෙන විදුලි කප්පාදුව අවම කරගැනීම තමා අපේ බලාපොරොත්තුව තියෙන්නේ.”






















