Sunday, November 8, 2026
HomeNEWSජනතාව බඩගින්නේ පාරට එද්දී ඇති තරම් සල්ලි තියෙනවා කිව්වා -අනුර

ජනතාව බඩගින්නේ පාරට එද්දී ඇති තරම් සල්ලි තියෙනවා කිව්වා -අනුර

රට තුළ අර්බුදයක් ඇති කළ පුද්ගලයින් සමග එය විසඳීමට සාකච්ඡා කිරීම ඵල රහිත ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ, නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

රටක් ස්වභාවිකව මෙම ව්‍යවසන තත්ත්වයට පත්වුයේ නම් එයට සියලුදෙනා එක්ව විසඳුම් සෙවීම වගකීමක් වන බව ද ඒ මහතා සඳහන් කළේය.

“අගමැතිවරයා ඉදිරිපත් කළ පිළිතුර ගත්තාම ඇත්තටම රටක් ස්වභාවිකව මේ ව්‍යවසන තත්ත්වයට පත්වූයේ නම් අපි කාගේත් වගකීම වන්නේ එයට මුහුණ දී ගොඩගැනීමයි. හැබැයි මේ අර්බුදය නිර්මාණය වුණේ ස්වභාවික ව්‍යවසනයක් හේතුකොට ගෙන නෙමෙයි. මේ අර්බුදය තමුන්නාන්සේලා විසින් නිර්මාණය කළ අර්බුදයක්. මේ අර්බුදයේ නිර්මාපකයන් ඔබතුමන්ලා. තමුන්නාන්සේලා එක්ක මේ අර්බුදය විසඳීම සඳහා යෝජනා කිරීම කිසිදු ඵලක් නෑ.

පසුගිය මාර්තු මාසයේ දී දිසාපතිවරුන් කැඳවලා කිව්වා මේ පොහොර තීන්දුව කිසිසේත්ම වෙනස් කරන්නේ නෑ කියලා. ඊයේ ඔහු කියනවා ඒක වැරැද්දක් කියලා. ජනාධිපතිවරයා වැරැද්දක් පිළිගන්නේ නම්, එය මාරාන්තික විනාශයක් වෙනවා ද? ආහාර හිඟයක් ඇති කරලා, කෘෂි බිම් විනාශ කරලා ගොවි ජනතාව අසීරුතාවයට පත්කරලා, හාල් මිල අධික ලෙස ඉහළ ගිහින් ඊට පස්සේ කියනවා අපේ වැරැද්දක් කියලා. ගොවි ජනතාවගේ ජීවිත විනාශ කරලා, ගොවි බිම් විශාල සංඛ්‍යාවක් පාඩුවට පත්කරලා, පස්සේ මං වැරැද්දක් කරා කියන්නේ ඒක මාරාන්තික වැරැද්දක්. එවැනි වැරදිවලට අනුබල දුන් නායකයා ඉවත්විය යුතුයි. 

භාණ්ඩ මිල ඉහළ යෑම ස්වභාවික ව්‍යවසනයක් ද? මුදල් ඇමතිවරයාත් ජනාධිපතිවරයාත් විශේෂයෙන්ම මහ බැංකුවට දෙන ලද නියෝග හේතුවෙන් තමා මේ අර්බුදය නිර්මාණය වුණේ. ඒ නිසා අද මේ භාණ්ඩ මිල ඉහළ යෑම, අධික ලෙස උද්දමනය නිර්මාණය වීම තමුන්නාන්සේලා විසින් ඇති කරගත් අර්බුදයක්. 

මහ බැංකුවේ තිබුණ මුදල් සංචිත බිංදුවටම හින්දුවා. ඊට පස්සේ ඩොරලය අත්හැරියා. හරියට කබ්රාල් සරම ඇදගෙන ඔළුවෙන් හිටගත්තා වගේ වැඩක්. පාර්ලිමේන්තුවේ දී කොච්චර කිව්වද මේවා කරන්න එපා කියලා. තමුන්නාන්සේලා උද්දච්ච ලෙස හැසිරුණා. බොරු පම්පෝරි න්‍යාය ඉදිරිපත් කළා. 

ඩොලර් බිලියන 9කට ආසන්න මුදලක් තමුන්නාන්සේලා අහිමි කරලා තියෙනවා. මේ නිසා තමයි තෙල් ගේන්න ඩොලර් නැති වෙන්නේ. ගෑස් ගේන්න සල්ලි නැති වෙන්නේ. මේ නිසා තමයි ඩීසල් බලාගාර වහන්න සිද්ධවෙන්නේ. මේ නිසා තමයි පිරිපහදු වහන්න සිද්ධවෙන්නේ. මේ නිසා තමයි ජනතාවට පෝලිමේ ඉන්න සිද්ධවෙන්නේ. ජනතාව මොකද්ද කළේ. තමන්ගේ ආර්ථික ප්‍රශ්න පාරට බැහැලා කිව්වා. පන්දම් පත්තු කරලා කිව්වා. උද්ඝෝෂණය කරලා කිව්වා. අඩුම තරමින් ඇහුම්කන් දුන්නේ නෑ. ජනතාවගේ බඩගින්න ප්‍රශ්නය පාරට අරන් එද්දි අපිට ඇති තරම් සල්ලි තියෙනවා කිව්වා ජොන්ස්ටන්. 

මේ ආණ්ඩුව ඉතා හොඳින් දැන් ඔප්පු කර අවසානයි තවදුරටත් මේ රටේ ආර්ථිකය මෙහෙයවීමට හෝ ජනතාවගේ දුක්ගැනවිලිවලට සාධාරණ විසඳුමක් දෙන්න සමත් නොවන බව. අවසානයේ දී තමා ජනතාව පාරට බැහැලා කිව්වේ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා. 

ඒ නිසා අගමැතිවරයා කරන කිසිදු යෝජනාවක් ඵල සහිත යෝජනාවක් බවට පත්වෙන්නේ නෑ. මේ ආණ්ඩුවත් මේ ජනාධිපතිවරයාත් මේ විදියටම තියාගෙන ගන්නා ලද සියලු විසඳුම් අසාර්ථකයි. 

ඊයේ අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කළා. රෑ 12ට නිවුස් එකක් එනවා ඩීසල් රු 113කින් වැඩිකළා කියලා. පෙට්‍රල් රු 84කින් වැඩි වෙලා. ඉතින් ජනතාව පිළිගන්නවා ද? අද මාර්ග හරස්කර බස් රථ නතර කර තියෙනවා. එහෙනම් පිළිගන්නවාද ? දැන් අර්බුදය ඔයාලට 113ක් තියෙනවා ද කියන එක නෙමෙයි. 

මේ පාලනය කෙරෙහි ජනතාව විශ්වාස කරන්නේ නෑ. මෙවැනි අර්බුදයක දී ජනතාව විශ්වාස කරන්නේ නැති නායකයෙකු මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. මේ අර්බුදයෙන් ගොඩ එන්න කළ යුතු අනිවාර්ය සාධකය ජනතාව විශ්වාස කරන නව පාලනයක් අවශ්‍යයි. ඒ නිසා අගමැතිවරයා කළ සියලු යෝජනා ඵල රහිතයි. පුළුවන් නම් ඉතින් 19ගේන්න.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img