Sunday, November 8, 2026
HomeNEWSතවත් උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ට ස්ථානමාරු

තවත් උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ට ස්ථානමාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙත මාරුවීම් ලබාදී තිබේ.

ඒ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසිනි.

ඒ අනුව කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ වැඩ බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. ඩබ්ලිව්. බී. ජී. ආර්. කන්දෙවත්ත මහතාව එම කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරීයා ලෙස ස්ථාන මාරුකර තිබේ.

තවද, ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිටි සහකාර පොලිස් අධිකාරී බී. එම්. එස්. බී. නවරත්න මහතාව කෑගල්ල කොට්ඨාසය වෙත මාරුකර යවා ඇත.

මේ අතර මීට පෙර, රඹුක්කන ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වනපදිරි එම ප්‍රදේශයෙන් පිටතට ස්ථානමාරු කිරීමට ද පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img