Sunday, November 8, 2026
HomeNEWSනව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

නව කැබිනට් මණ්ඩලයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පැවැත් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 05ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය.

කොටුව ජනාධිපති මන්දිරයේ දී එම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නව අමාත්‍ය මණ්ඩලය පසුගිය 18 වන දා දිවුරුම් දුන්නද මේ දක්වාත් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වුයේ නැත.

කෙසේවෙතත් නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන්වලට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට නියමිතය.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එහිදී 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිත අතර 20 වන සංශෝධනයේ ඇති විධායක බලතල එමඟින් කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂ ද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කථානායකවරයා විසින් අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ යෝජනා ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img