Sunday, November 8, 2026
HomeNEWSඅරලියගහ මන්දිරය අසල උණුසුම් තත්ත්වයක්

අරලියගහ මන්දිරය අසල උණුසුම් තත්ත්වයක්

අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන විරෝධතාව අතරතුරදී නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබේ.

එම ස්ථානය ආසන්නයේ දින කිහිපයක සිට නවත්වා තිබූ බස් රථවල ප්‍රදර්ශනය කර තිබූ විරෝධතා පුවරු සහ තාවකාලික ආවරණ කිහිපයක් ඉවත් කිරීමට පොලිසිය අද පෙරවරුවේ පියවර ගෙන ඇත.

එහිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර නොසන්සුන්කාරී තත්වයක් හටගත් අතර එම අවස්ථාවේදී තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීම සඳහා  ගිලන් රථයකින් රැගෙන ගොස් තිබී.

මේ අතර පදික වේදිකාව අවහිර වන ලෙස දින කිහිපයක සිට බස්රථ නවතා තැබීම සහ අධික ශබ්දයෙන් පිරිත් විකාශය කිරීම මගින් ඇතිවන පීඩාකාරී තත්වය පිළිබද  නීතීඥවරුන් පිරිසක් කොල්ලුපිටිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට උපවාසයේ නිරතව සිටින එක් අයෙකුගේ සෞඛ්‍ය තත්වය පිරිහීම හේතුවෙන් උපවාසය නවතා දමන ලෙස රතු කුරුස සංවිධානයේ සෞඛ්‍ය නිළධාරීන් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව එම පුද්ගලයා රෝහල් ගත කර ඇති බව වාර්තා විය.

මේ අතර ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාව අද 21 වන දිනටත් ක්‍රියාත්මක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img