දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයින ආශ්‍රීතව සුළං අභිසාරි කලාපයක් ඇතිවීම හේතුවෙන්, කන්කසන්තුරය සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම මුහුදු ප්‍රදේශ රළු වන අතර විටින් විට ඉතා රළු විය හැක.
තවද මෙම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ත් 2.5ත් අතර ඉහළ යා හැකි බව දන්වා ඇත.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24ක කාලය තුළ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දී තිබේ.






















