ගෑස් නෞකා දෙකක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 7ක් හෙට (17) දිනය තුළ ගෙවීමට පියවර ගන්නා බව ලිට්රෝ සමාගම පවසයි.
එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, හෙට උදෑසන ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන බවය.
තවත් නෞකාවක් අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
අදාළ නෞකා දෙක සඳහාම හෙට ගෙවීම් කරන බව සභාපතිවරයා සඳහන් කළේය.
බදාදා සිට දෛනිකව ගෑස් සිලින්ඩර් 80,000ක් දිවයින පුරා බෙදාහැරීමට නියමිතය.






















