පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විසින් තවත් දෙදෙනෙකුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, පසුගිය 09 වනදා ඇතිවූ සිද්ධියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් පහරකෑමෙන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අද (17) පස්වරුවේදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඒ නිට්ටඹුව නම්ඹදළුව හා ජුනයිඩ් මාවත ප්‍රදේශයේදීය.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 හැවිරිදි වියේ පසුවන නිට්ටඹුව සහ පොල්ගහවෙල පදිංචි තරුණයින් බවය.
මෙම සිද්ධිය වන අවස්ථාවේදී සැකකරුවන් ඇඳ සිටි ඇඳුම් කට්ටල 2ක් සහ පිහියක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ එක් සැකකරුවෙන් තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවය.






















