Sunday, November 8, 2026
HomeNEWSඅත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන සැපයීමට නව ක්‍රමවේදයක්

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන සැපයීමට නව ක්‍රමවේදයක්

අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල රථවාහන හා විදුලිජනන යන්ත්‍ර සඳහා තෝරාගත් පිරවුම්හල්වලින් ආපදා සහ හදිසි සේවාවල නිරත රාජ්‍ය නිලධාරීන් සඳහා ද ඉන්ධන නිකුත් කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අදාළ දැනුම්දීම සිදුකර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කළේය.

එහිදී නීති කෙටුම්පත් සම්පාදක, රජයේ රස පරීක්ෂක, බන්ධනාගාර අත්‍යවශ්‍ය සේවාවන්, ග්‍රාම නිලධාරීන් සහ දේශීය ආදායම් රාජකාරීවල නිරත රාජ්‍ය සේවකයින් සඳහා අදාළ  පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

මීට අමතරව වී, සහල්, සීනි, පරිප්පු, කිරිපිටි, එළවළු, පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින ලොරි රථ, පොහොර බෙදාහැරීමේ ලොරි රථ සඳහා ද අදාළ පිරවුම්හල්වලින් ඉන්ධන සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වා ඇති බව සඳහන් වේ.

තේ‍, රබර්, පොල් සහ අපනයන කෘෂිකර්ම බෝග කර්මාන්තශාලා, විදුලි, ජල සම්පාදන, ගලි බවුසර් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම, සත්ත්ව නිෂ්පාදන හා මත්ස්‍ය නිෂ්පාදන කටයුතුවලට සෘජුවම සම්බන්ධ ලොරි රථ සහ කර්මාන්තශාලා ද අත්‍යවශ්‍ය සේවා ලෙස සළකා ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img