Monday, November 9, 2026
HomeNEWSහදිසියේම ඇමති හරීන් දැඩි තීරණයක් ගනී

හදිසියේම ඇමති හරීන් දැඩි තීරණයක් ගනී

21 වන ව්‍යස්ථා සංශෝධනය අද දිනයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළහොත් තවදුරටත් ආණ්ඩුවේ නොසිටීමේ ස්ථාවරයේ තමන් පසුවන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිය අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා. 

“අද දවස වැදගත් දවසක් වෙයි මේ දේශපාලන ස්ථාවරත්වයක් කරා ගමන් කරන අපිට. විශේෂයෙන්ම මේ රටේ ආර්ථික වශයෙනුත් සමාජීය වශයෙනුත් දේශපාලනික වශයෙනුත් රට වැටිලා තියෙන වෙලාවේ අපි අපේ තනතුරු තානාන්තර එහෙම නැත්නම් පක්ෂවලින් පිටත්වෙලා මේ දේශපාලනමය ගමනට ආවේ විශේෂයෙන්ම ලංකාවේ අනාගත දරුවෝ වෙනුවෙන් සහ මේ රට නැවත වතාවක් ස්ථාවර කිරීම වෙනුවෙන්. ඒ වගේම අද දවස විශේෂ වෙයි මේක කියන්නට ඕනේ. අද කැබිනට්ටුවට 21 එනවා. 21 ආවේ නැත්නම් අපි මේ ආණ්ඩුවේ අද රෑම ඉන්නේ නෑ, කියන ස්ථාවරය තුළ තමයි අපි ඉන්නේ. ඒ නිසා කවුරු ගේම් ගහන්න හැදුවත් මේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීමක්, අරගලයේ ඉල්ලීමක් තියෙනවා 21 ගේන එක. ස්වාධීන කොමිෂන් සභාවලට 19න් යන එක. මේ රට නැවත වතාවක් ස්ථාවර වෙලා ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක් හැටියට පත්වෙන්න නම් විශේෂයෙන්ම එය විය යුතුම එකක්. කැබිනට්ටුවට දාලා කැබිනට්ටුවෙන් සම්මත වුනාට පස්සේ ඒක පාර්ලිමේන්තුවේ තමයි තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ජනතාවගේ හඬට කන්දෙයි කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img