අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරවන්ට අවශ්‍ය ඩොලර් බැංකු හරහා ලබාදීමට මහ බැංකු අධිපතිවරයා විසින් පොරොන්දුවූ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
අද (24) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,
“අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අවශ්‍යකරන ඩොලර් බැංකු මගින් ලබාදීලා.. අවශ්‍ය ආනයනය කිරීම් සාර්ථකව නොකඩවා කිරීමට අවස්ථාව ලබාදෙනවා කියලා.. මහ බැංකු අධිපතිවරවයා පොරොන්දු වුණා.”
“සාමාන්‍යයෙන් මාසෙකට අමෙරිකානු ඩොලර් මිලියන 100 -125ත් අතර ප්‍රමාණයක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අපිට අවශ්‍ය වෙනවා.”
“ආනයනකරුවන්වත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළා. ඒ අවශ්‍ය කරන මුදල් ලබාදීලා සාර්ථකව මේ වැඩපිළිවෙල හරියට කරන්න අවස්ථාව ලබාදෙනවා කියන එක.”
“පසුගිය කාලය තුළ ඇතැම් ආනයනකරුවෝ වෙනත් මාර්ගවලින් භාණ්ඩ ආනයනය කිරීමට පෙළඹුනා. ඒ වගේම උන්ඩියල් ක්‍රම වගේ වෙනත් ක්‍රම හරහාත්.”
“නමුත් දැන් අපි හිතන්නේ ඩොලර් එකට තියෙන වටිනාකම ස්ථාවර කර ගන්න. ඒකට බැංකු තුළින් කරන ගනුදෙනුවලින් අපිට හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මහ බැංකුව කිව්වේ ඒ සියලු ගනුදෙනු බැංකු හරහා කරන්න අවශ්‍ය කරන ඒ මුදල් ලබාදෙනවා කියලා. ඒ නිසා විශාල ප්‍රශ්නයක් අපිට විසඳගන්න පුළුවන් වුණා.”
“පසුගිය මැයි 6 වෙනිදා මහ බැංකුව මගින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා සියලුම ආනයනි බැංකු නොවන කටයුතු ගෙවීම් නවත්තන්නෙ කියලා මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන කරුවන් දැඩි අපහසුතාවට පත් වුණා එයට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.”
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ ලංකා සතොස හරහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට කටයුතු කරන බවත් ඒ තුළින් වෙළෙඳපොළේ භාණ්ඩ සුලබ කිරීමට තමන් කටයුතු කරන බවත්ය.






















