අද (02) දිනයේ සිට යළිත් වරක් දිවයින පුරා රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මැයි මස 23 වන දිනයේ සිට රාත්‍රී කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදුවුයේ නැහැ.
කෙසේවෙතත් අද දිනයේ සිට ලබන 04 වන දින දක්වා රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.
ඒ අනුව අද සහ හෙට (03) යන දෙදින තුළ දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙන් පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
ජුනි මස 4 වන දින රාත්‍රී කාලයේ පමණක් පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.
ජුනි මස 05 වන ඉරුදිනවිදුලි කප්පාදුවක් සිදුනොකිරීමට ද තීරණය කර තිබේ.
මේ අතර අද දිනයේත් දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ සමාගම පවසයි.
ඉන් සියයට 60ක ප්‍රමාණයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බෙදා හැරීමට නියමිතය.
පසුගිය අඟහරුවාදා දිනයේ සිට අඛණ්ඩව දෛනිකව ගෑස් සිලින්ඩර් 50,000 බැගින් බෙදාහැරීමට කටයුතු කළ බව ලිට්රෝ සමාගම සඳහන් කළේය.






















