පොහොර සහ පළිබෝධනාශක නොමැතිවීමෙන් මේ වන විට වී ගොවීන් මෙන්ම එළවළු ගොවීන් ද දැඩි අපහසුතාවට පත්ව සිටී.
“අපි වවමු” තුළින් අදත් තොරතුරු ගෙන එන්නේ මෙම අර්බුද මධ්‍යයේ වුවද ආහාර හිඟයට මුහුණදීම සඳහා වගාවට අවතීර්ණ වී ඇති පුද්ගලයින් සහ කණ්ඩායම් සම්බන්ධයෙනි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය ගොවිජන පද ව්‍යාපාරයේ පිහිටි මැදිරිගිරිය යාය 08 ප්‍රදේශයේ ගොවි ජනතාව මෙවර යල කන්නයේ වී වගා කටයුතු මසකට පමණ පසු ආරම්භ කර තිබුණි.
කුඹුරු අක්කර 400කට ආසන්න වගා බිම් ප්‍රමාණයක් ඇති එම ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ හැකි අයුරින් සිය වගා කටයුතු සිදුකරන බවය.
කුමන අභියෝගයන් පැවතුණද ආහාර හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා සිය ගෙවත්තේ වගා කිරීමට බොහෝ දෙනා පෙළඹි තිබේ.
සිය ගෙවත්තේ කොම්පෝස්ට් පොහොර නිශ්පාදනය කරමින් ඒවා සහන මිලට ලබාදෙන තරුණයෙක් පිළිබඳව දෙල්තොට පහළගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසකට කොම්පෝස්ට් පොහොර කිලෝවක් රුපියල් 25ක් වැනි මිලකට ලබාදීමට ඔහු පියවර ගෙන තිබේ.
දේශීය බීජ වර්ග ජනතාවට නොමිලේ බෙදාදෙන තවත් තරුණයෙකු අපට හමුවුණේ මොණරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නාගහමඩ ප්‍රදේශයෙනි.
මේ අතර ආහාර අර්බුදයකට පිළියමක් ලෙස ගමෙන් ගමට ගොස් වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පාදුක්ක හල්බරාව නිමලාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය වරායායේ සමිත හිමි විසින් අරඹා තිබේ.
ඒ යටතේ 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් එළවළු බීජ, එළවළු පැල, පොහොර, ගොවි උපකරණ සහ උපදෙස් ලබාදීමට කටයුතු කරයි.
යල කන්නය සඳහා ගිරිතලේ ගොවිජනපද ව්‍යාපාරයේ වගා කටයුතු සඳහා ගිරිතලේ වැවෙන් මංගල දියවර මුදාහැරීම අද උදෑසන 8.51ට යෙදුණු සුභ මොහොතින් සිදුකෙරුණි.
ගිරිතලේ ගොවිජන පද වයාපාරයේ අක්කර 7600 සඳහා ජලය නිකුත් කෙරෙන අතර ගොවීන් සිය වගාබිම්වල කුමන හෝ බෝගයක් වගා කරතැයි වාරි බලධාරින් අපේක්ෂා කරයි.






















