කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේදී සැක කටයුතු ලෙස රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අදාළ සැකකරුවන් අද (02) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරුවන් 4දෙනා ජුලි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා සැරයන්වරු දෙදෙනෙකු, යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු හා යුද හමුදා සැරයන්වරයෙකු වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් එම මධ්‍යස්ථානයේ සහාය උපදේශකවරු ලෙස රාජකාරී කළ සිව්දෙනෙකි.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළදී රැඳවියෙකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේ පසුගිය ජුනි 29 වනදාය.
මරණය පිළිබඳ දැඩි විරෝධය පළ කළ රැඳවියන් විශාල පිරිසක් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් තිබුණි.
ඔවුන් චෝදනා කළේ සිද්ධියට පෙර දින දුම්කොළ සන්තකයේ තිබියදී උපදේශකවරුන් විසින් අල්ලා ගැනුණු රැඳවියාගේ මියයාම පිළිබඳ සැකයක් පවතින බවය.
ඒ අනුව එහි සහාය උපදේශකවරු සිව් දෙනෙක් වැලිකන්ද පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණි.
එමෙන්ම මරණකරුට පහරදුන් බවට සැක කෙරෙන වයරයක් සහ උණ පතුරු දෙකක් ද සොයාගත් බව පොලීසිය පවසයි.
මියගිය රැඳවියාගේ මෘත ශරීරය ඔහුගේ බාල සහෝදරයා සහ මිතුරන් විසින් හඳුනාගැනුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය එළඹෙන 05 වනදා සිදුකිරීමට නියමිතය.
එමෙන්ම කන්දකාඩු මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් අතරින් අත්අඩංගුවට ගැනුණු සහ පොලීසියට භාරවූ 679 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
තවත් රැඳවියන් 44 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සහ හමුදාව එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර එම රැඳවියන් ගැන තොරතුරක් දන්නේ නම් 0718 59 12 35 යන දුරකථන අංකයට ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.






















