Sunday, November 8, 2026
HomeNEWSඔස්ට්‍රේලියාවෙන් පොරොන්දුවක්

ඔස්ට්‍රේලියාවෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) මහතා ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (04) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ඩේවිඩ් හොලි මහතා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඔස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් සිටින බවද ඒ මහතා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වෙයි.

තනි රටක් මෙරටට ලබාදුන් වැඩිම මානුෂීය ආධාර මුදල එරටින් පිරිණැමූ බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

 “මෙය ආරම්භයක් පමණි. ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙනවා” යනුවෙන් ද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා එහිදී පවසා ඇත.

නාවික හා නීතිවිරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්වූ අතර ඔස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බව හොලි මහතා සඳහන් කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

දෙරට අතර 75වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව දක්වන සමීප සහයෝගීතාව එහිදී පැසසුමට ලක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img