ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ අද දින උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ජාවාරම්කරුවෙකු විසින් එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දීමට තරුණියකගෙන් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
අදාළ තරුණිය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලය වෙත පැමිණ තිබුණි.
එම අවස්ථාවේ එහි සිටි තරුණයන් පිරිසක් මෙලෙස මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දීමට උත්සාහ කළ පුද්ගලයාට විරෝධය පළකර සිද්ධියට සම්බන්ධ බවට සැක තිදෙනෙකු පොලීසිය වෙත භාරදී තිබේ.
කෙසේ වෙතත් පොලිස් නිළධාරින් විසින් කිසිදු පරීක්ෂණයකින් තොරව නිදහස් කිරිමට යාමේදි මෙලෙස උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
පසුව එම ස්ථානයට මහනුවර පොලිස් සථානාධිපතිවරයා පැමිණ ඇති අතර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම ජාවාරමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධව ඇත්දැයි සෙවීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.






















