මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂිකරුවෙකුට බන්ධනාගාරය තුළදී එල්ල වී ඇති තර්ජන පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.
අදාළ නඩුවට අදාලව අසත්‍ය සාක්ෂි ලබාදීමේ සිද්ධිය මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සුමතිපාල සුරේෂ් නැමැති සාක්ෂිකරුට මෙලෙස තර්ජන එල්ල වී ඇති බව වාර්තාවෙයි.
ඒ අනුව විනිසුරුමඩුල්ල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඊට අදාල වාර්තාවක් මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
එමෙන්ම සාක්ෂිකරුට බන්ධනාගාරය තුළදී ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත්, ඔහුට නීතිඥවරු හමු වී උපදෙස් ලබා ගැනීමට අවකාශ ලබාදෙන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල බන්ධනාගාර කොමසාරිස්ජනරාල්වරයාට නියම කර තිබෙනවා.
අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේ අනතුරුව නඩු විභාගය ලබන 18 වනදා දක්වා කල්තැබුණු අතර එතෙක් සාක්ෂිකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළ බවය.






















